ඖෂධ හිඟයත් දෙපැත්තක

Friday, 02 August 2019 - 19:44

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A
ඖෂධ හිඟයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන පවසනවා.

කෙසේ වෙතත්, අද දිනයේත් දිස්ත්‍රික්ක කිහිපයකදී මාධ්‍ය හමු කැදවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් සඳහන් කළේ සිය රෝහල්වල දැඩි ඖෂධ හිඟයක් පවතින බවයි.

රජයේ රෝහල් ගණනාවක ඖෂධ හිඟයක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 31 වන දා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළ අතර ඔවුන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ද රෝහල් කිහිපයක හිඟ ඖෂධ ලැයිස්තු පළ කර තිබුණා.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශනගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබූ අතර, එහි සදහන් කර තිබුණේ එවැනි ඖෂධ හිඟයක් රට තුළ නොපවතින බවයි.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවමින් සිටින බව ද එම නිවේදනයේ සදහන්.

මේ අතර, අදත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් මාධ්‍ය හමු පවත්වමින් ඖෂධ හිඟය පිළිබදව කරුණු හෙළි කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories