තෙවරප්පෙරුම රිමාන්ඩ්

Tuesday, 10 September 2019 - 13:41

%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අධිකරණ නියෝග කඩ කරමින් පෞද්ගලික ඉඩමක මෘත ශරීරයක් භූමදාන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුලූ පස්දෙනෙකු එළඹෙන 16 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් හේමමාලි හාල්පන්දෙණිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී අගෝස්තු මස 19 වනදා කළුතර - තෙඹුවන - ට්‍රොයිඞ් වතුයායේදී මියගිය පුද්ගලයෙකු එම වතුයායේම ස්ථානයක මිහිදන් කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා සූදානම් වුණා.

එහිදී පොලීසිය තහනම් නියෝගය රැගෙන එම ස්ථානයට පැමිණියත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

පසුව ප්‍රදේශවාසීන්ගේ ද සහයෙන් තහනම් නියෝගය නොතකමින් මෘතදේහය එම වතුයායේම භූමදාන කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළා.

සිදුවීමට අදාළව තෙඹුවන පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුලූ පස්දෙනෙකු නීතීඥවරයෙකු මාර්ගයෙන් අද අධිකරණයට ඉදිරිපත් වුණා.

ඉන් අනතුරුවයි ඔහු ඇතුලු පස්දෙනා මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories