විශේෂ කැබිනට් රැස්වීමක් අද

Monday, 11 November 2019 - 7:32

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද පෙරවරු 8.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා.

සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම අඟහරුවාදා දින පවත්වන නමුත් හෙට පෝය දිනයක් බැවින් අද දිනට එය යොදාගෙන ඇති බවයි රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු සැසි වාරයක් අද පැවැත්වීමට නියමිතයි. ඒ, පසුගිය බ්‍රහස්පතින්දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.

ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ තවදුරටත් විවාද කිරීම සඳහා එම සැසිවාරය පෙරවරු 11.30 සිට 2.30 දක්වා පැවැත්වෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories