ඉන්දු - පාකිස්ථාන නායකයන්ගෙන් අගමැති මහින්දට සුබ පැතුම්

Thursday, 21 November 2019 - 16:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

දෙරට අතර සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කරමින් සබඳතා ඉදිරියට පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවයි එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ.

මීට අමතරව, පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද දුරකථනය ඔස්සේ මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර තිබෙනවා.

එමෙන්ම, අග්‍රාමාත්‍යවරයාට පාකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙසට ද ආරාධනාවක් කර ඇති බවයි මෙරට පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් පත් කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories