චීනය ලබාදුන් සහයෝගය කිසිදා අමතක නොකරන බව අගමැති මහින්ද රාජපක්ෂ කියයි

Monday, 09 December 2019 - 8:10

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා චීනය ලබාදුන් ශක්තිමත් සහ දිගුකාලීන සහයෝගය තම රජය කිසිදා අමතක නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

චීනය සමඟ මිත්‍ර සබඳතා අඛන්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියේ ෂිංහුවා පුවත් සේවය සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ශක්තිමත් දිගුකාලින මිත්‍ර සබඳතාවක් ඇති අතර, දෙරට අතර ප්‍රායෝගික සහයෝගීතාව එහි පදනම වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

හම්බන්තොට වරාය ඇතුලු මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගත් ණය ආපසු ගෙවීම පිළිබඳව තමන්ට පැහැදිළි හා දැඩි විශ්වාසයක් පවතින බවත්, අද වනවිට ආර්ථිකය බිඳ වැටී තිබුණද එය යළි ගොඩනගන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී ප්‍රකාශ කළ බව ෂිංහුවා පුවත්සේවය වාර්තා කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories