සජිත්, එ.ජා.ප පළාත් පාලන නියෝජිතයින් කොළඹට කැඳවයි

Sunday, 26 January 2020 - 7:38

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් අතර විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී එම හමුව පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක්ද ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළුව නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.

නායකත්වය පිළිබඳව නිශ්චිත තීරණයක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය කිහිපවිටක්ම ප්‍රකාශ කළද මෙතෙක් එය සිදුවී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories