පොලිස් කොස්තාපල් ඝාතනයට අනියම් බිරිඳ සහ ඩී.මංජුගේ බිරිඳත් අත්අඩංගුවට

Saturday, 22 February 2020 - 16:22

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B7%84+%E0%B6%A9%E0%B7%93.%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කඩවත පොලිස් කොස්තාපල් ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් කාන්තාවන් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.

ඒ කොස්තාපල්වරයාගේ අනියම් බිරිඳ සහ ඇයගේ ඥාති දියණියක වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ ඩී.මංජු නමැත්තාගේ බිරිඳයි.

මට්ටක්කුලිය සහ වත්තල ප්‍රදේශවලදී කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම සැකකාරියන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, හෙට දිනයේදී මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම කාන්තාවන් දෙදෙනා හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවට ද පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

ඔවුන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් වලදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කර ගැනීමට හැකිවෙතැයි විශ්වාසය පළ කරන බව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල - මාකඳුර - එළිවිල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් 20 හැවිරිදි බන්ටි නමැත්තා ඇතුළු සැකකරුවන් තිදෙනා අද මහර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර ලබාගෙන තිබෙනවා.

එම සැකකරුවන් තිදෙනා අතර, මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට විශ්වාස කෙරෙන සුද්දා නමැත්තා ද සිටිනවා.

එසේම, වැඩිදුර විමර්ශනවලදී පොලිස් භාරයට ගත් කඩු දෙකක්, ජංගම දුරකථන 5ක් ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 17 වන දා මෙම පොලිස් කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් තිබූ අතර ඊයේ ඔහුගේ මළ සිරුර පන්නල - වේරහැර - බුළුගොඩ ප්‍රදේශයේ ළඳු කැළෑවක තිබී පොලීසිය සොයා ගත්තා.

ඊට අමතරව පොලිස් නිලධාරියා පැහැරගෙන කිරිබත්ගොඩ සිට රැගෙන ගිය බවට සැක කෙරෙන ත්‍රිරෝද රථය ද එම ප්‍රදේශයේ තිබී පොලීසිය ඊයේ සොයා ගනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories