ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසකට සෞදියෙන් සංචාරක තහනමක්

Thursday, 12 March 2020 - 9:34

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කෙරෝනා ව්‍යාප්තියත් සමඟ සෞදි අරාබිය රටවල් 39කට සිය රටතුලට පැමිණීමට සහ එම රටවල සංචාරය කිරීමට තහනමක් පනවා තිබෙනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු සියලූ යුරෝපය රටවල් මෙම සංචාරක තහනමට ඇතුළත්.

මේ වනවිට රට තුළ වෛරස ආසාදිතයින් 54ක් වාර්තාවී තිබෙනවා.

එමෙන්ම කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඩෙන්මාර්කයේ සියලූ විශ්වවිද්‍යාල සහ පාසල් අද සිට වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර රජයේ සේවකයන්ට පඩි සහිත නිවාඩු ලබාදීමටයි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කොරෝනා පැතිරයාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය ගෙන යන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන විදේශිකයන් සඳහාද අදාළ වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

එමෙන්ම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද උදෑසන පහ දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපල වෙත ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි ගුවන් මගීන් 203 දෙනෙකු බස් රථ 15 කින් පොළොන්නරුව - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුවේ පිහිටි බැටික්ලෝ කැම්පස් වෙත යවා ඇති බවයි ගුවන් තොටුපල කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙම මධ්‍යස්ථාන දෙකෙහි පුද්ගලයින් 685 දෙනෙකු නිරෝධායනයට ලක් කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු පුද්ගලයෙකුට සමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නොමැති බවත්, තමන්ගේ මෙන්ම රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව සඳහා ඊට අනුගතව කටයුතු කරන ලෙසත් රජය අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙනවා.

ජිනිවා නුවර දී ඊයේ මාධ්‍ය අමතමින් එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රයිසස් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

මේ වනවිට එරට කොරෝනා වෛරස ආසාදිතයින් 514 ක් වාර්තාවී තිබෙනවා.

අදවනවිට ලොව පුරා රටවල් 114ක පැතිර ගොස් ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 25,865 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ 4615ක් ලෙසයි.

ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව 12,462ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 827ක්.

ඉරානයෙන් ආසාදිතයන් 9,000 ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව 354ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දකුණු කොරියාවෙන් රෝගීන් 7,755ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව 60ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories