ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 39කට සෞදියට ඇතුළු වීම තහනම් - සංචාරක රියදුරාගේ පවුලේ සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නැහැ

Thursday, 12 March 2020 - 13:06

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+39%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කොරෝනා බවට සැකපිට පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණු දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට මාරුකිරීමට පියවර ගෙන තිබෙනවා.

පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර කියා සිටියේ රෝහලට ඇතුළත් කෙරුණු එක් අයෙකු ඊයේ ඉතාලියේ සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ අයෙකු බවයි.

අනෙක් පුද්ගලයා පසුගිය 6 වනදා ඉතාලියේ සිට මෙරටට පැමිණ සෝමාවති පුදබිමේ සංචාරය කර පසුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ අයෙකු බවද ඔහු තවදුරටත් කියා සිටියා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන 52 හැවිරිදි සංචාරක රියදුරෙකු මෙන්ම මාර්ගෝපදේශකයාට සේවය සැපයූ හබරණ ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක තරුණයෙකුද අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමුකර තිබෙනවා.

හබරණ පොලීසිය සඳහන් කළේ අදාළ තරුණයාට වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවට එම මධ්‍යස්ථානයේ හිමිකරු, පොලීසියට දැනුවත් කිරීමෙන් පසු තරුණයාව මෙලෙස රෝහල් ගතකළ බවයි.

අදාළ සම්භාහන මධ්‍යස්ථානය තුළ වෛරසය වැලඳුණු සංචාරක රියදුරා සමඟ පැමිණි ඉතාලි ජාතිකයින්ට ද සේවය සපයා ඇති බව පොලීසිය සඳහන් කළා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ එම සම්භාහන මධ්‍යස්ථානය ද නිරෝධායනය කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි.

මේ අතර දැනට කොරෝනා වෛරසය ආසාදනය වූ කොළඹ සංචාරක රියදුරාගේ පවුලේ සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් මෙම රියදුරාගේ දරුවා ඉගෙනුම ලබන කොළඹ ආනන්ද විද්‍යාලයේ අද උදෑසන නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණේ අසත්‍ය ප්‍රචාරයක් පැතිර යාම හේතුවෙන්.

කෙසේ වෙතත් එම දරුවාට වෛරසය ආසාදනය වී නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.

මේ අතර සංචාරය සඳහා මෙරටට පැමිණෙන චීන, ඉතාලි, ඉරාන සහ දකුණු කොරියානු ජාතිකයින්ගේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව මේ මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති චීන ජාතිකයින් සංඛ්‍යාව 1405ක්.

ඉතාලි ජාතිකයින් 427 දෙනෙකු සහ දකුණු කොරියානු ජාතිකයින් 107 දෙනෙකු ගතවූ දින 11 තුළ මෙරටට පැමිණ ඇති අතර, එම කාලසීමාවේ මෙරටට පැමිණ ඇත්තේ ඉරාන ජාතිකයින් 25 දෙනෙකු පමණයි.

පසුගිය පෙබරවාරි මාසයේ චීන ජාතිකයින් 2871 දෙනෙකු, ඉතාලි ජාතිකයින් 3192 කු, දකුණු කොරියානු ජාතිකයින් 918 දෙනෙකු සහ ඉරාන ජාතිකයින් 365 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

කෙසේ නමුත් විදේශිකයන්ට දිවයිනට පැමිණි පසු වීසා පහසුකම් ලබාදීම හෙවත් ඔන් අරයිවල් වීසා ලබාදීම අද සිට අත්හිටුවීමත් සමඟ මෙම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් අඩුවනු ඇති බවයි ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර කොරෝනා වෛරසය ඉතාලිය තුළ සීග්‍රයෙන් පැතිරයාමත් සමග ලබන 25 වනදා දක්වා එරට ඖෂධසැල් සහ සුපිරි වෙළඳසැල් හැර අනෙකුත් සියලු වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඉතාලි අග්‍රාමාත්‍ය ගියුසෙපේ කොන්ටේ අද ජාතිය අමතමින් මේ බව දැනුම් දුන්නා.

මේ අතර කෙරෝනා ව්‍යාප්තියත් සමඟ සෞදි අරාබිය රටවල් 39කට සිය රටතුලට පැමිණීමට සහ එම රටවල සංචාරය කිරීමට තහනමක් පනවා තිබෙනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු සියලු යුරෝපය රටවල් මෙම සංචාරක තහනමට ඇතුළත්.

මේ වනවිට රට තුළ වෛරස ආසාදිතයින් 54 ක් වාර්තාවී තිබෙනවා.

එමෙන්ම කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඩෙන්මාර්කයේ සියලු විශ්වවිද්‍යාල සහ පාසල් අද සිට වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම රජයේ සේවකයන්ට පඩි සහිත නිවාඩු ලබාදීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මේ වනවිට එරට කොරෝනා වෛරස ආසාදිතයින් 514ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ වොෂින්ටන්හි සියලුම පාසල් සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

එසේම එරට ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමද තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකාවේ ප්‍රසිද්ධ සිනමා නළුවෙකු වන ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන්ටද කොරෝනා වෛසරය ආසාදනය තිබෙනවා.

එරට තුල වෛරසය ආසාදිතයන් 1311ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහල ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පවතින තත්ත්වය සළකා බ්‍රිතාන්‍ය හැර යුරෝපා රටවල සිට පැමිණෙන්නන්ට ඇමරිකාවට ඇතුලුවීම මාසයක කාලයක් අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories