වෙළදපොළේ ඉන්ධන මිල අඩුවීමේ ලාභය, මෙරට කොරෝනා මර්දනයට

Tuesday, 17 March 2020 - 7:31

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%2C+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහත වැටීමෙන් හිමි වන ලාභය මෙරට කොරෝනා රෝග පාලනයට හා ජනතාවට සහන ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පසුගිය සතියේ සියයට 25කින් පමණ පහත වැටුණු අතර, මේ වන විට තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 30ක මට්ටමකයි.

කොරෝනා වෛරසය නිසා මේ වන විට මෙරට කොටස් වෙළදපොළ, සංචාරක කර්මාන්තය, ඇඟලූම් කර්මාන්තය ඇතුළු ආදායම් මාර්ග රැසකට බලපෑම් ඇති කර අවසන්.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමට මෙන්ම නිරෝධායන කටයුතු සඳහා රජයට වැය වන මුදල අතිමහත්.

එම කරුණු සැලකිල්ලට ගෙන ඉන්ධන මිල පහළ යාමේ වාසිය සමස්ත ජනතාවටම ලැබෙන පරිදි එම ලාභය මහාභාණ්ඩාගාරයට ලබාදීම සඳහා මේ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories