මන්නාරම ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට

Wednesday, 25 March 2020 - 6:19

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මන්නාරම ප්‍රදේශයේදී අද (24) සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම පුද්ගලයින් පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඉන්දීය ජාතිකයින් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවනන් බවයි වාර්තාවන්නේ.

නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් තිදෙනා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මන්නාරම පොලිසිය සිදු කරන අතර, පවතින සෞඛ්‍ය තත්වය යටතේ මෙම පුද්ගලයින් මන්නාරම පොලිසියේ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories