ට්‍රැක්ටරයක් පෙරලී තරුණයෙකු මරුට

Monday, 13 April 2020 - 18:44

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් ඊයේ (12) සවස පෙරලී යාමෙන් තරුණයෙකු මිය ගොස් ඇති බවට මුලතිව් පොලීසිය පවසනවා.

අදාල තරුණයා කුඹුර වෙතට ට්‍රැක්ටරය ධාවනය කොට ඇති අතර එහිදී මුල්ලියාවලේයි ප්‍රදේශයෙදී ට්‍රැක්ටරය පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ට්‍රැක්ටරය අධික වේගයකින් ධාවනය කරවීම හේතුවෙන්, එහි වේගය පාලනය කරගැනීමට නොහැකිවීම නිසා පෙරලී ගොස් ඇති බවට පොලිස් පරික්ෂණවලදී හෙලිව තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු වන අතර තරුණයා අනතුරින් පසුව මුලතිව් රෝහලට රැගෙන යන විටද මිය ගොස් සිටි බවයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය ප්‍රකාශ කළේ.
 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories