ඉන්දියාවේ කොරෝනා මරණ 500 ඉක්මවයි - ආසාදිතයන් 15,707ක්

Sunday, 19 April 2020 - 10:35

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+500+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+15%2C707%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15,707ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් කොරෝනා මරණ 507 ක්ද වාර්තාවුණා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අද උදෑසනින් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 1,329ක් සහ මරණ 27ක් වාර්තාවූ බවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පසුගිය මාර්තු 25 වනදා සිට සමස්ත ඉන්දියාවම වසා දැමුණු අතර, එම සීමාවන් ලබන මැයි 3 වනදා දක්වා දීර්ඝ කිරීමට මෝදි රජය තීරණය කළා.

ඒ, ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සඳහා යම් යම් ලිහිල් කිරීම් ප්‍රකාශයට පත් කරමින්.

කෙසේ නමුත් ඉන්දියාව වසා දැමීමෙන් එරට අඩු ආදායම්ලාභී ජනතාවට මෙන්ම ප්‍රධාන නගර වෙත ගොස් සිටින සංක්‍රමණික සේවකයන්ට මුහුණදීමට සිදුව ඇත්තේ දැඩි දුෂ්කරතාවන්ටයි.

එම දුෂ්කරතා අවම කරලීමට ගතහැකි පියවර පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ඊයේ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කොරෝනා වෛරසය මැඩලීමට ගෙන ඇති සීමාවන් හමුවේ රට තුළ අත්‍යාවශ්‍ය වෙළඳ භාණ්ඩ සංචිත ඇති කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම මෝදි රජයේ දෙවන ප්‍රබලයා ලෙස සැළකෙන අමිට් ෂා ඊයේ කරුණු පැහැදිළි කිරීමක් සිදුකළා.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 4,000ක් පමණ දිල්ලියේ නිසමුද්දීන් ප්‍රදේශයේ පසුගිය මාසයේ පැවති තබ්ලිගි ජමාට් ඉස්ලාමීය සමුළුව හා සම්බන්ධ වූවන් බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ලාව් අගරවාල් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories