සාක් රටවල සිරවූ ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට පියවර අඟහරුවාදා - 113ක් පාකිස්ථානයෙන්

Sunday, 19 April 2020 - 12:39

%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+-+113%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි ගෙන්වාගැනීමට පියවර ගැනෙනවා.

ගුවන් තොටුපල අධ්‍යක්‍ෂ ෂෙහාන් සුමනසේකර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ප්‍රථමයෙන් සාක් රටවල ඉගෙනුම ලබන සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමට මෙලෙස පියවර ගන්නා බවයි.

එම රටවල තානාපති කාර්යාල හරහා සිසුන්ගේ දත්ත එක්රැස් කෙරෙන අතර, පසුව ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇති.

එහි පළමු අදියර ලෙස පාකිස්ථානයේ සිටින සිසුන් 113 දෙනෙකු අනිද්දා දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

ඒ සඳහා කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඉන්දියාවේ ඉගෙනුම ලබන සිසුන් එකසිය දෙදෙනෙකුද ඉදිරි සතියේ දිවයිනට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවයි ගුවන් තොටුපල අධ්‍යක්‍ෂ ෂෙහාන් සුමනසේකර වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories