ගැබිණි මව්වරුන් හයක් ඇතුලු ශ්‍රී ලාංකිකයන් 15ක් ඉන්දියාවේ සිරවේ

Monday, 20 April 2020 - 7:45

%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+15%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%9A
නළ දරු ප්‍රතිකාර සඳහා ඉන්දියාවේ කොයිම්බතූර් වෙත ගොස් සිටි ගර්භනී මව්වරුන් 6 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු යළි දිවයිනට පැමිණීමට නොහැකිව සිර වී සිටින බව වාර්තා වනවා.

ඔවුන් අදාළ ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගොස් තිබුණේ මීට මාස 4කට පෙරයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ඉන්දියාව මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, ජාත්‍යන්තර මගී ගුවන් ගමන් ද අත්හිටුවා තිබෙනවා.

පවත්නා අවදානම් තත්ත්වය හමුවේ තමන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ඔවුන් ඉල්ලීමක් කරනවා.

මෙම පිරිස සම්බන්ධයෙන් මේ වන විටත් තොරතුරු ලබාගෙන ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. ඔහු කියා සිටියේ නුදුරේදීම අදාළ පිරිස ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

මේ අතර, අධ්‍යයන කටයුතු සඳහා ගොස් ඉන්දියාවේ සිර වී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මෙම සතියේදී පිටත් කර හැරීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර, ශ්‍රී ලංකාවට සහ දකුණු අප්‍රිකාවට පාකිස්තානයේ සිටින ඔවුන්ගේ පුරවැසියන් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් මෙහෙයුම් දියත් කිරීමට පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බව පාකිස්තාන ඒ.ආර්.අයි. පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල සිදුකළ ඉල්ලීමක් අනුව එම අවසරය ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලබන 21 වන දා පාකිස්තානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 113 දෙනෙකු රැගෙන ඒම සඳහා කරච්චි සහ ලාහෝර් වෙත පැමිණීමට අවසර ලබාදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories