පාර්ලිමේන්තුව කැඳවන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම් (වීඩියෝ)

Wednesday, 22 April 2020 - 19:57

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ජූනි 2 වනදාට පෙර නව පාර්ලිමේන්තුව රැස් කිරීමට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත වන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර සමගි ජනබලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලද මහනුවරදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ  පවතින තත්ත්වය මත වහාම පැවති පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවයි.

මේ අතර ජනාධිපති නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය පවතින ව්‍යවස්ථාමය තත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.  

අදාළ ව්‍යවස්ථාමය තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්. සිල්වාගෙන් ද කරුණු විමසුවා.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, හිටපු කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් හෙට කථානායක නිල නිවසේදී රැස්වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories