කොරෝනා ආසාදිතයෙකු බවට සොයාගත් නාවික හමුදා සෙබළාගේ, සමීප සෙබළුන් හඳුනාගැනීමට කටයුතු

Thursday, 23 April 2020 - 7:38

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%2C+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%B4+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94
මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදි පමණක් වෛරසය ආසාදිත රෝගීන් 20 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

බේරුවල ප්‍රදේශයෙන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ පුද්ගලයින් 219 දෙනෙකු අතරින් 11 දෙනෙකු මෙලෙස ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා.

ඒ අනුව බේරුවල ප්‍රදේශයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 47 ක්.  

මීට අමතරව පොළොන්නරුව - පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත සෙබළෙකු සහ ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි ජාඇළ - සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ හඳුනාගත් රෝගීන් විසිදෙනා අතර සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ.

ඊයේ කොරෝනා ආසාදිතයෙකු බවට සොයාගත් නාවික හමුදා සෙබළා වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පසුගිය 17 වනදා නිවස වෙත පැමිණ තිබූ අතර, ඔහුත් සමඟ නාවික හමුදා කඳවුරේදී සමීපව කටයුතු කළ සෙබළුන් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර මෙම සිද්ධියත් සමඟ පොළොන්නරුව - ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 12 ක් හුදකලා කිරීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත චන්ද්‍රසිරි කියා සිටියා. එසේම මෙම ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් ඇතුලූ ඔහුත් සමඟ ඍජු සබඳතා පැවැත්වූ පවුල් 11 කට අයත් පුද්ගලයින් 43 දෙනෙකු නිරෝධායනය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටද පියවර ගෙන තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් 218 දෙනෙකු මේ වනවිට  වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 105 ක්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories