ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ ඇතුළු 08ක් නිරෝධායනයට

Wednesday, 29 April 2020 - 13:36

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+08%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
මෙරටින් ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 31 දෙනාගෙන් 21 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

මීට අමතරව, හමුදා සාමාජිකයින් 4 දෙනෙකු ද ඒ අතර සිටින බවයි හිරු ටී.වී. ඔස්සේ අද උදෑසන විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ.

එමෙන්ම පී සී ආර් පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකාව තුළ නිපදවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියා.

දැනට මෙරට කොරෝනා ආසාදිතයන් 619 දෙනෙකු වාර්තා වනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ 478 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි.

මීට අමතරව වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 134 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස්වලට ගොස් තිබෙනවා.

ගම්පහ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇතුළු එම රෝහලේ 08 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

ඒ සීදුව විශේෂ බලකා කදවුරේ කොරෝනා ආසාධිත යුධ හමුදා නිලධාරියා පසුගියදා රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට පැමිණ ඇති බවට වාර්තා වීමත් සමඟයි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ රාජකීය, තර්ස්ටන්, මහානාම, ඩී.එස්. ඇතුළු පළාත් පාසල් රැසක් ත්‍රිවිධ හමුදාවට නවාතැන් පහසුකම් ලබා ගැනීම සඳහා ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර දැනුම් දුන්නේ නිවාඩු ගොස් සිටින සියලුම ත්‍රිවිධ හමුදා නිලධාරීන් තම කඳවුරු වෙත වාර්තා කළ යුතු බවටයි.

ඒ අනුව එලෙස වාර්තා කරන ලද ඇතැම් හමුදා සාමාජිකයන්ට නවාතැන් ගැනීම සඳහා පාසල් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කිසිදු අවස්ථාවක පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා නොගන්නා බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories