කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් හදිසියේ මියයයි

Thursday, 21 May 2020 - 9:58

%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කටාර් රටේ සේවය කරමින් සිටියදී හදිසි අනතුරකින් හලාවත කොට්ටපිටිය හේන්යාය ප්‍රදේශයේ තිදරු පියෙකු මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සුරන්ජන් මිරැන්ඩා නමැති 38 හැවිරිදි තිදරු පියෙක්.

2017 වසරේ කටාර් රටේ කර්මාන්ත ශාලාවක සේවය සදහා ගොස් ඇති සුරන්ජන් මේ අනතුරට ලක්ව ඇත්තේ පසුගිය 16 වැනිදා මධ්‍යම රාත්‍රියේදී බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඔහු මේ අනතුරට ලක් වීමට සුළු මොහොතකට පෙරද බිරිදට දුරකතනයෙන් කතා කර ඇති අතර ගල් කැඩීමේ යන්ත්‍රයක  සේවය කරමින් සිටියදී  යන්ත්‍රයේ ඉහල සිට බිමට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

සුරන්ජන් සේවය කළ ආයතනයේ ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙම අනතුර සනාථ කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මේ තොරතුර සැලවීමෙන් පසු සුරන්ජන්ගේ බිරිද,  දරු තිදෙනා ඇතුළු සියලු දෙනාගේ බලාපොරොත්තුව වී තිබෙන්නේ සුරන්ජන්ගේ දේහය ලංකාවට ගෙන්වා ගැනීමයි.

මේ සම්බන්ධයෙන් සුරන්ජන්ගේ බිරිඳ අදාළ වගකිවයුත් දැනුවත් කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories