මොරටුව ඉංජිනේරු සිසුන් ආරක්ෂාව ඉල්ලයි.

Friday, 25 January 2013 - 8:17

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

මොරටුව සරසවියේ ඉංජිනේරු සිසුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටිනවා. පසුගිය 16 වැනිදා රාත්‍රියේ මොරටුව සරසවි භූමිය තුළ සිදුවු පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳ අදහස් දැක්වූ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති මධුක චන්ද්‍රසිරි.

 

[MP3]s52072_1[/MP3]

 

ප්‍රහාරය සඳහා බාහිර පිරිසකගේ සහභාගීත්වයක් සිදුව ඇති බවද ඔහු මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

[MP3]s52072_2[/MP3]
 

මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨය සහ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම පීඨ දෙක වසා දැමුණා. කෙසේ වෙතත්, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අප ජාතික තාක්ෂණික ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමයෙන් සංස්කාරක බුද්ධික ආරියරත්නගෙන් විමසීමක් කළා.

 

[MP3]s52072_3[/MP3]

 

මේ අතර, පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක චෝදනා කළේ මොරටුව සරසවියේ සිදුවු සිසු ගැටුමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ වී ඇති බවයි.

 
[MP3]s52072_4[/MP3]

 

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ ගැටුම කඩිනමින් විසඳාලීමට බලධාරින් මැදිහත් නොවූ බවයි.

 

[MP3]s52072_5[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories