බෑන්කී මූන් උතුරු කොරියාව ගැන අනතුරු අගවයි.

Friday, 05 April 2013 - 8:51

%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92.




දේශමාමකත්වය වෙනුවෙන් උතුරු කොරියාව ගෙන ඇති පියවර ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන් පවසනවා. එබැවින් ඔවුන් සිය ගමන්මඟ වෙනස් කළ යුතු බවයි මහලේකම්වරයා පෙන්වා දෙන්නේ. කොරියානු අර්ධද්වීපයේ දැන් ඇති වී තිබෙන්නේ අනවශ්‍ය අර්බුදයක්. නමුත් එහි ප්‍රතිවිපාක දරුණු විය හැකි බව ජගත් මහලේකම් බෑන්කී මූන් සඳහන් කළා. න්‍යෂ්ටික තර්ජනයක් ක්‍රීඩාවක් ලෙස හැඳින්විය නොහැකි බවයි මැඞ්රිඞ් නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා සඳහන් කළේ.  ඔහු මෙම අනතුරු ඇඟවීම සිදුකළේ උතුරු කොරියාව විසින් සිය මිසයිල නැගෙනහිර වෙරළේ දේශසීමාවට සමීප ප්‍රදේශයක් වෙත රැගෙන ආ බවට තොරතුරු වාර්තාවී පැය කිහිපයක් ඇතුළතයි. එමෙන්ම, ඇමෙරිකාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන බවට ද උතුරු කොරියාව තර්ජනය කළා. කෙසේ නමුත්, උතුරු කොරියාව සිය පැරණි තර්ජනයම එල්ල කරන බව පවසන ඇමෙරිකාව කියා සිටින්නේ අවශ්‍ය සියලූ පූර්ව ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories