උදයන් සිද්ධිය රටේ ප්‍රතිරූපය කෙලෙසීමේ ප්‍රයත්නයක් - රජය.

Saturday, 13 April 2013 - 12:53

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.

යාපනයේ පිහිටි උදයන් පුවත්පතේ ප්‍රධාන කාර්යාලයට අද උදෑසන ගිනි තැබීමේ සිද්ධිය අභ්‍යන්තර කටයුත්තක් විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසනවා. රජයේ ප්‍රතිරූපය කෙලෙසීමේ අරමුණින් කිසිවෙකු විසින් එය හිතමතා සිදුකර ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල.

[MP3]s57099_1[/MP3]

පුවත්පත් කාර්යාලයට අද උදෑසන කිසියම් පහරදීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. එහි ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන කියා සිටියේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් නිළධාරින් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

අද අලූයම 4.45 ට පමණ ඊට සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වූ බවයි උදයන් පුවත්පතේ හිමිකරු වන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනභවන් ප්‍රකාශ කළේ.

[MP3]s57099_2[/MP3]


මේ අතර, උදයන් පුවත්පතට අද (13) අලූයම එල්ල වූ ප්‍රහාරයට ආරක්ෂක හමුදා සම්බන්ධ බවට සිදුකෙරෙන ප්‍රචාරයන්හි සත්‍යතාවක් නොමැති බව යුධ හමුදාව පවසනවා. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ආරක්ෂක හමුදා, මෙම ප්‍රහාරයට කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති බවයි. රජය මෙන්ම, හමුදාව ද අපකීර්තිමත් කිරීමේ අරමුණින් ප්‍රහාරයට හමුදාව සම්බන්ධ කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බවයි ඔහු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories