අප්‍රේල් 12 වැනිදා සිට විදුලි ගාස්තු ඉහළට .

Wednesday, 17 April 2013 - 18:52

%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+12+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+.

අප්‍රේල් 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම් සභාව, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව මෙම මාසය අවසානයේදී විදුලි පාරිභෝගිකයින් වෙත ලබාදෙන විදුලි බිල්පත නව ගාස්තු අනුව සකස් කෙරෙනු ඇති.

විදුලි ගාස්තුව ඉහළ දමන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය මාර්තු මස 8 වැනිදා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළ අතර එම යෝජනාව සම්බන්ධයෙන් කොමිෂන් සභාව මහජනතාවගෙන් වාචිකව සහ ලිඛිතව කරුණු විමසීමක් කළා. ඒ අනුව ගාස්තු ඉහළ දැමීම සඳහා අවසර ලබාදීමේ ලේඛනයට අද දිනයේදී තමන් අත්සන් තැබූ බවයි එම කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා ප්‍රකාශ කළේ. විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු සංශෝධන යෝජනා සියල්ලටම පාහේ මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. කොමිසම සිදුකර ඇත්තේ එක් වෙනසක් පමණයි.

ඒකක 900 ට වැඩිනම් ඒකකයට රුපියල් 32 බැගින් අයකළ යුතු බවයි විදුලිබල මන්ඩලය යෝජනා කර තිබුණේ. එහෙත් කොමිසම එම අගය රුපියල් 34 දක්වා ඉහළ දමා තිබෙනවා.

ගෘහස්ත විදුලි ඒකක 30 දක්වා රුපියල් 3 ක්ව පැවති විදුලි ඒකකයක මිල, නව ගාස්තුවට අනුව රුපියල් 5 දක්වා ඉහළ දමා තිබෙනවා. ඒකක 31 සිට 60 දක්වා රුපියල් 4 යි ශත හැත්තෑවේ ගාස්තුව රුපියල් 6 දක්වා ඉහළ දමා ඇති අතර, රුපියල් 7 යි ශත 50 ක් ව පැවති ඒකක 61 සිට 90 දක්වා වූ කාණ්ඩයේ මිල ඉහළ දමා ඇත්තේ ඒකකයකට රුපියල් 8 යි ශත 50 ක් දක්වායි. ඒකක 301 සිට 900 දක්වා ඒකකයකට රුපියල් 32 ක් ද එය ඒකක 900 ට වැඩිවන්නේ නම් රුපියල් 34 ක්ද අය කළ යුතු බවටයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමත කර ඇත්තේ.

එමෙන්ම සුවිශේෂී වෙනස්කමක්ද මෙවර විදුලි ගාස්තුවට අන්තර්ගතයි. මෙතෙක් විදුලිබිල සැකසුවේ ඒකක කාණ්ඩ අනුව පිළිවෙලින් ගාස්තු වැඩි වන ආකාරයටයි. ඒකක 120ක් පාරිභෝජනය කරන්නේ නම්, ඒකක බින්දුවේ සිට 30 දක්වා ඒකකයට රුපියල් 3යි. 30 සිට 60 දක්වා ඒකකයකට රුපියල් 4.70යි. 61 සිට 90 දක්වා ඒකකයට රුපියල් 7.50ක් අය කෙරෙනවා. ඒකක 91 සිට 120 දක්වා ඒකකයට අය කෙරෙන්නේ රුපියල් 21ක්.

නව සංශෝධන යටතේ ඒකක 120ක් පාරිභෝජනය කරන්නේ නම්, එම පාරිභෝගියා අයත් වන්නේ ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයටයි. ඒ අනුව අය කෙරෙන්නේ එම කාණ්ඩයේ  ඒකකයක මුදල වන රුපියල් 15 බැගින් ඒකක 120ක් පාරිභෝජනය කළ බව සලකමින්. ඊට මාසික ස්ථාවර ගාස්තුව සහ ඉන්ධන ගැලපුම් ගාස්තුවද එකතු වනවා.

නව ගාස්තු අනුව මසක පරිභෝජනය ඒකක 40 ක් නම් එම නිවසේ විදුලි බිල රුපියල් 384 ක් වනු ඇති. එහෙත් සංශෝධනය වීමට පෙර එහි සමස්ත බිල්පත වූයේ රුපියල් 244 යි ශත 25 ක් පමණයි.

[MP3]s57321[/MP3]

 

[JPG]57316_1[/JPG]

[JPG]57316_2[/JPG]

[JPG]57316_3[/JPG]

[JPG]57316_4[/JPG]

[JPG]57316_5[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories