කළු ගගට බිළි වූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ.

Sunday, 02 June 2013 - 19:02

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%9C%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

පළාත් කිහිපයකට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. වායුගෝලයේ ඇති වී තිබෙන සුළං රටාවේ වෙනසක් මීට හේතුව බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ.

[MP3]s60162_1[/MP3]

වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග, ඉහළ ගිය කළු ගෙග් ජල මට්ටම ද ක්‍රමයෙන් පහළ බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, රත්නපුර - මීහිටිය - ඇල්ලගෙවත්ත ප්‍රදේශයෙන් කළුගඟ තරණය කරමින් සිටියදී ඔරුවක් පෙරළීමෙන් අතුරුදන් වූ පුද්ගලයින් තුන්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (02) දහවල් සොයා ගැනුණා. අද (02* පෙරවරුවේ මෙම අනතුරට ලක්වුණේ අවමංගල්‍ය උත්සවයක් සඳහා ගොස් නැවත එමින් සිටි මීගමුව - දොලමුල්වත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා, පුතා සහ දියණියයි. 42 හැවිරිදි පියාගේ සහ 14 හැවිරිදි දියණියගේ මළ සිරුරු සොයා ගත් නමුත් 19 හැවිරිදි පුත්‍රයාගේ මළ සිරුර මෙතෙක් හමුවී නැහැ. ඔරුව පෙරළෙන අවස්ථාවේදී එහි පුද්ගලයින් 11 දෙනෙකු සිට ඇති අතර, ඉතිරි පිරිස ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබෙනවා. බේරා ගත් අය අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ භාර්යාව ද වන බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.


මීහිටිය - කොළදගල ගම් යා කරමින් අද (02) අනතුරට ලක්වූ ඔරුව ලබාදී තිබුණේ සබරගමුව පළාත් සමාජ සුබසාධන අමාත්‍යාංශය විසින්. එහි ගමන් ගන්නා මගීන්ට පැළදීම සඳහා ආරක්ෂිත කබා ලබාදී තිබූ නමුත්, ඔරුව පදවන්නා විසින් අනතුරට මුහුණපෑ මගීන්ට ඒවා ලබාදී නැහැ. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සමාජසේවා අධ්‍යක්ෂ විජානි රත්නසේකර සදහන් කළේ.

[MP3]s60162_2[/MP3]

දෙනිකව මෙම ඔරුවෙන් පුද්ගලයින් 700 කට ආසන්න ප්‍රමාණයක් ගමන් ගන්නවා. මෙම ස්ථානයට පාලමක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම බලධාරින්ට දැනුම් දුන්න ද මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

[MP3]s60162_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories