වැලිවේරියේ හමුදා ගිනි අවි 93 ක් පොලිස් භාරයට.

Thursday, 08 August 2013 - 18:50

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+93+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

ජල ගැටළුව මුල්කරගනිමින් වැලිවේරිය නගරයේ ඇතිවූ ගැටුමින් මියගිය තිදෙනා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදි අද (08) සිදු කෙරුණා. මෙහිදී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ ගැටුම පිළිබඳව යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් සියදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. ගැටුම සිදුවන අවස්ථාවේදී යුද හමුදා සාමාජිකයින් භාවිතා කළ ගිනි අවි 93 ක් පොලිස් භාරයට ගත් බවද කොළඹ අපරාධ කොට්ඨාශය කියා සිටියා.

 

ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක හමුවේ අද සිදු කෙරුණු සාක්ෂි විමසීමේදී පුද්ගලයින් 5 දෙනෙකු සාක්ෂි ලබාදුන්නා. ඉන් හතරදෙනෙකු සාමාන්‍ය පුද්ගලයින් වන අතර අනෙක් සාක්ෂිය ලබාදුන්නේ අත්තනගල්ල පොලිස් අධිකාරී ජයන්ත බලගල්ල විසින්. මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙය සුවිශේෂී නඩු විභාගයක් බැවින් සාක්ෂිකරුවන්  ඕනෑම සංඛ්‍යාවකට තමන් ඉදිරියේ සාක්ෂි ලබාදිය හැකි බවයි.

 

ජල ගැටළුව මුල්කරගනිමින් උපවාසයක නිරතවූ ස්වාමීන් වහන්සේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා කැඳවිය හැකිදැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් විමසා සිටියා. ඊට පොලීසිය කැමැත්ත පළකිිරීම නිසා යළි නඩුව විභාගයට ගන්නා මේ මස 22 වැනිදා එම ස්වාමීන් වහන්සේ අධිකරණයට කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

 

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවට එක්ව සිටි අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනද වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 

[MP3]s64686_1[/MP3]             

 

මෙහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ මේ ආකාරයේ සිද්ධීන් පිළිබඳව රජය විසින් පවත්වන පරීක්ෂණ පිළිබඳවයි.

 

[MP3]s64686_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories