ලාල් කාන්තට අලූත් තැනක්.

Saturday, 02 November 2013 - 12:41

%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.
එළඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී තම පක්ෂයේ මහඇමති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී.ලාල්කාන්ත ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 2014 වසර සඳහා පක්ෂය විසින් ගනු ලැබූ තීරණ කිහිපයක් යටතේ මෙම තීරණයට එළැඹුනු බවයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ. ඒ අනුව පසුගියදා රැස්වූ පක්ෂයේ ප්‍රධාන පෙලේ මණ්ඩල කිහිපයක් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා බස්නාහිර පලාත් සභාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories