වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික අත්අඩංගුවට.

Monday, 02 December 2013 - 15:11

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
පුද්ගලයින් තුන්දෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ලවී තිබූ වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කමල් ඉන්දික ඇතුලූ සැකකරුවන් හතරදෙනෙකු ගොකරැල්ල පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් පසුගිය මස 22 වැනිදා ගොකරැල්ල - කඳුලව ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති බවට ගොකරැල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories