තෙල් ආනයන පාඩුව ඇමරිකාව ගෙවිය යුතුයි. ඇමති වාසු.

Thursday, 05 December 2013 - 13:10

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94.
ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් තෙල් ආනයනයේදී ශ්‍රී ලංකාවට සිදුවන පාඩුව ඇමරිකාව ගෙවිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ ආණ්ඩුව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවාට වඩා ජනතාව සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 4 වන දිනය අදයි. අද දිනයේදී මහාමාර්ග, වරාය, නාවික සහ සිවිල් ගුවන් සේවා, විදුලිබල හා බලශක්ති, ඛනිජතෙල් කර්මාන්ත යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා. මේ අතර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පැනයක්  යොමුකරමින් කියා සිටියේ කාන්තාවන්ට පමණක් වෙන්වූ බස් රථ සේවය ක්‍රියාත්මක කරන්නේ කවදා සිටද යන්නයි. ඊට පිළිතුරු ලබාදුන් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම කියා සිටියේ කාන්තාවන් සඳහා පමණක් වෙන්වූ බස් රථවල යාමට කාන්තාවන් අකමැති බවයි. මෙම සංවාදයට එක්වූ කථානායක චමල් රාජපක්ෂ අදහස් දක්වමින් කියා සිටියේ අමාත්‍යවරයා හේතුවෙන් කාන්තාවන් මෙලෙස කාන්තාවන්ට පමණක් වෙන්වූ බස්රථවල කාන්තාවන් යාමට අකමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories