පක්ෂයේ අර්බුදයක් නෑ - ජනපති කියයි.

Thursday, 19 December 2013 - 19:08

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
පළාත් පාලන ආයතන තුළ මතුව තිබෙන ගැටළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් නොව තනතුරු සම්බන්ධයෙන් උද්ගතව ඇති ප්‍රශ්නයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිදහස් පක්ෂයේ අර්බුද පිළිබඳව වැඩිපුරම ගැටළු පැන නැගී ඇත්තේ පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස්වලට බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදී පක්ෂයක් නොවේ. පක්ෂය නොමැතිව ඉදිරියට ගමන් කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. එසේ තනි ගමනක් යාමට උත්සාහ කළ බොහෝ දෙනෙක් ඉතිහාසයෙන් මැකී ගොස් තිබෙනවා. ස්වර්ණමය යුගයක් ගැන කතා කිරීමට හැකිව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩු පක්ෂය සතුවීම හේතුවෙන්. මේ නිසා බලය තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට යාමට සියලූ දෙනා කැපවිය යුතුයි. පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ මහජන නියෝජිතයන්ට පැවරී තිබෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට අරලියගහ මන්දිරයේදී ඊයේ (19) පස්වරුවේ එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories