රෝනු සුළි සුළඟ බංග්ලාදේශය දෙසට

Saturday, 21 May 2016 - 9:40

%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%A7
බෙංගාල බොක්කේ හට ගත් රෝනු සුළි සුළඟ චණ්ඩ මාරුතයක් බවට පත්වෙමින් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තය හරහා බංග්ලාදේශය දෙසට යොමු වී ඇති බව කාලගුණ විද්‍යාඥයන් පවසනවා.

සුළි සුළෙඟ් බලපෑම හේතුවෙන් කොල්කටා ඇතුළු බටහිර බෙංගාලයේ ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් හටගෙන ඇති අතර එය හෙට වන තුරු පවතිනු ඇතැයි අපේක්ෂිතයි.

රෝනු සුළි සුළඟ අද රාත්‍රියේ හෝ හෙට උදෑසන බංග්ලාදේශ වෙරළට ළඟා වනු ඇති බවයි කලාපීය කාලගුණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

සුළි සුළඟින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයට ද දැඩි බලපෑමක් ඇති වුණා.

එය අද උදෑසන වන විට ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1100ක් පමණ ඈතින් ස්ථානගත වී තිබූ අතර මෙරට වැසි කාලගුණයට හේතු වූයේ ද රෝනු සුළි සුළඟයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories