ඇමරිකාවේ වායු බැලූනයක් ගිනිගෙන 16 ක් මියයයි

Sunday, 31 July 2016 - 8:49

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+16+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ උණුසුම් වායු බැලූනයක් පිළිස්සී කඩාවැටීමෙන් එහි ගමන්ගත් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ටෙක්සාස් ප්‍රාන්ත අගනුවර වන ඔස්ටින් නුවරට සැතපුම් 30 ක් පමණ දකුණෙන් වූ ලොක්හාට් ප්‍රදේශයේ තැනිතලාවකටයි එය කඩාවැටී ඇත්තේ.

හදිසි සේවා කණ්ඩායම් බැලූනය කඩාවැටුණු ස්ථානයට පැමිණෙන විටත් එහි මගී කූඩය ගිනි ගනිමින් තිබුණු බව ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා සඳහන් කළා.

අධිවේගී විදුලි රැහැන්වල ගැටීමෙන් බැලූනය ගිනි ගන්නට ඇතැයි විශ්වාස කරන නමුදු ඒ පිළිබඳව මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නැහැ.

මෙය ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම උණුසුම් වායු බැලූන අනතුරයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories