අනතුරුවලින් 10ක් මරුට

Tuesday, 17 January 2017 - 13:24

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+10%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ප්‍රදේශ කිහිපයක ඊයේ දිනට තුල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඉන් 7 දෙනෙකුම මියගොස් ඇත්තේ යතුරුපැදි අනතුරුවලින් වීම විශේෂත්වයක්.

මෙම අනතුරුවලින් 3 දෙනෙකු තුවාල ලැබුවා.

මඩකලපුව - වෙල්ලාවලි - අම්බලන්තුර ප්‍රදේශයේදී යතුරුපැදියක් වේගය පාලනය කර ගත නොහැකි විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගියා.

ඔවුන් අවුරුදු 19 සහ 20 වන වයස්වල පසුවන බවයි පොලීසිය සදහන් කළේ.

බංගදෙනිය - ආනමඩුව මාර්ගයේ පල්ලම ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගියා.

ආනමඩුව - හලාවත මාර්ගයේ සිදුවූ තවත් අනතුරකින් මිය ගියේ ද 17 හැවිරිදි පාසල් සිසුවෙක්.

ඔහු ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටියදී ඊයේ රාත්‍රියේ ලොරි රථයක ගැටීමෙන් අනතුරට ලක්වුණා.

යතුරුපැදියක් ජීප් රථයක ගැටීමෙන් වැල්ලව - නාබිරිතැන්න ප්‍රදේශයේදී 27 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් අයෙකුට තුවාල සිදුවුණා.

තලංගම - කොස්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් 68 හැවිරිදි අයෙකු මිය ගිය බව තලංගම පොලීසිය ප්‍රකාශ කළා.

මීට අමතරව පස්යාල - ගිරිඋල්ල මාර්ගයේ මීරිගම ප්‍රදේශයේදී යතුරුපැදියක් බවුසරයක ගැටීමෙන් 24 හැවිරිදි තරුණයෙකු මිය ගිය අතර එම අනතුරෙන් ද තවත් අයෙකුට බරපතල තුවාල සිදුවුණා.

අනුරාධපුර සහ  අලුත්ගම ප්‍රදේශවලදී පාපැදිකරුවන් දෙදෙනෙකු මිය ගියේ ලොරි රථවල ගැටීමෙන්.

අවිස්සාවේල්ල - මල්වරුසාව වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් අවුරුද්දක් වයසැති කුඩා දැරියක් මිය ගියා.

අනතුරෙන් එම දැරියගේ මව ද තුවාල ලබා ඇති බවයි අවිස්සාවේල්ල පොලීසිය සඳහන් කළේ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories