හෙට සිට වැසි තත්ත්වයේ අඩුවක්

Tuesday, 27 June 2017 - 10:29

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය හෙට සිට තාවකාලිකව අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනයේත් මිලිමීටර් 75ක තරමක් තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

විශේෂයෙන් කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට මෙලෙස තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories