විමල්ගේ ඇපකරුට ලැබුණ නියෝගය

Monday, 11 December 2017 - 12:53

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව ලබන වසරේ මාර්තු මස 10 වනදා චෝදනා පත්‍ර ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද කුරුදුවත්ත පොලිසියට නියෝග කළා.

ඒ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මහජන පීඩාවක් ඇතිවන ලෙස විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය ගොනුකර තිබූ නඩුව කැදවූ අවස්ථාවේදීයි.

2016 වසරේ පෙබරවාරි මස 06 වනදා එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී බෞද්ධාලෝක මාවත සහ හැව්ලොක් මාර්ගය අවහිර වන පරිදි විරෝධතා පැවැත්වීම තුලින් මහජන පීඩාවක් ඇති කළ බවට මොවුන් විරුද්ධව චෝදනා එල්ල වනවා.

අද පෙරවරුවේ නඩුව කැදවූ අවස්ථාවේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සඳහා ගොස් ඇති බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඇපකරුට නියෝග කළේ මොහු පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වූ සනාථ කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ලිපියක් මීලඟ නඩු වාරයට ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම මෙම නඩුවේ හත්වන විත්තිකරු ද අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් සිතාසි නිකුත් කෙරුණා.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අමතරව මෙලෙස නඩු පවරා ඇති අනෙක් සැකකරුවන් වන්නේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පියසිරි විජේනායක, මොහොමඞ් මුස්ම්මිල්, පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න සහ පක්ෂ සාමාජික චමින්ද ජයලාල් යන අයටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories