විශ්‍රාම වයසට ආසන්න ගුරුවරුන්ට සහනයක්

Friday, 23 March 2018 - 16:43

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වයස අවුරුදු 58ත්, 59ත් අතර පසුවන ගුරුවරුන්ට ජාතික පාසල් ගුරු මාරු වැඩසටහන යටතේ සහනයක් ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙම මස අවසානයේ සිදුකිරීමට නියමිත එකම ජාතික පාසලක වසර 10කට වඩා වැඩි කාලයක් සේවය කළ හයේ සිට 11 ශ්‍රේණිවල ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම්වලදී විශ්‍රාම යන තෙක්ම සේවය කරන පාසලේම රාජකාරිය කිරීමට අවස්ථාව හිමි වනු ඇති.

මේ මස අවසන් සතියේදී 6 සිට 11 ශ්‍රේණිවල ගුරුවරුන් 5500කට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories