ලන්ඩනයේදී ජනපතිට උණුසුම් පිළිගැනීමක් (ඡායාරූප)

Monday, 16 April 2018 - 12:49

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩන් නුවර ළඟාවී තිබෙනවා.

එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩලය විසින් ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගත් බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.

රටවල් 53 ක නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද (16) සිට අප්‍රේල් 21 වනදා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා.

මේ නිල සංචාරය අතරතුර ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඇතුලු පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා සම්මේලනයට මෙන්ම බ්‍රිතාන්‍ය මහ රුජිණගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories