මුහුදේ සහ ගොඩබිමේ සුළං වේගය ඉහළට

Thursday, 20 June 2019 - 7:52

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සුළෙඟ් වේගය ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකියි.

මේ අතර මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories