ජනපති, අද ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගනී

Wednesday, 20 November 2019 - 7:37

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැද පුදාගෙන අද ආශිර්වාද ලබා ගැනීමට නියමිතයි.

පෙරවරුවේ ජනාධිපතිවරයා පළමුවෙන් ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන අතර,  ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගනු ඇති.

ඉන් අනතුරුව අස්ගිරි විහාරය වෙත පැමිණෙන ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් ද බැහැ දැකීමට නියමිතයි.

පසුව ජනාධිපතිවරයා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් සහ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories