පුරවැසි පනතට එරෙහිව රාජස්ථාන් ප්‍රාන්තය ද යෝජනාවක් සම්මත කර ගනී

Saturday, 25 January 2020 - 15:08

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
නරේන්ද්‍ර මෝදි රජය විසින් ඉදිරිපත් කර ඇති මතභේදයට තුඩු දුන් පුරවැසි පනතට එරෙහිව රාජස්ථාන් ප්‍රාන්තය ද යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

මීට පෙර කේරළ සහ පන්ජාබ් ප්‍රාන්ත සභා මගින් ද පුරවැසි සංශෝධන පනතට එරෙහිව යෝජනා සම්මත කර ගත්තා.

කොංග්‍රස් පක්ෂයට බලය හිමි රාජස්ථාන් ප්‍රාන්ත සභාව අද අදාළ යෝජනාව සම්මත කර ගැනීමේදී මෝදිගේ භාරතීය ජනතා පක්ෂ දේශපාලනඥයන් ඊට එරෙහිව හඬ නැගූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය සහ බංග්ලාදේශ යන රටවලින් පැමිණි මුස්ලිම් නොවන සංක්‍රමණිකයින්ට පමණක් පුරවැසිභාවය පිරිනමන පනතට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා පැන නැගුණේ එය එරට මුස්ලිම් සුළුතරය දෙවැනි පුරවැසියන් බවට පත් කරන්නේ යැයි චෝදනා කරමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories