ගත වූ වසර 5 වැඩිම ඩෙංගු රෝගීන් පසුගිය වසරේදී මරණ 95 ක්.

Wednesday, 07 January 2015 - 8:08

%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+95+%E0%B6%9A%E0%B7%8A.
ප්‍රදේශ රැසක පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මේ වනවිට පහව ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, 2014 වසරේ අවසන් කාලසීමාව තුළ වාර්තා වූ  මෙම වැසි කාලගුණය සහ වසර පුරා පැවති තත්ත්වයන් සැලකූ විට ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබීම ද විශේෂත්වයක්.

වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ 2014 වසර තුළ ඩෙංගු රෝගීන් 46,584 දෙනෙකු වාර්තා වූ බවයි. ඉන් 95 දෙනෙකු මියගොස් තිබෙනවා. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

2013 වසර තුළ ඩෙංගු රෝගීන් වාර්තා වුණේ 32,063 දෙනෙකු පමණයි. ඒ අනුව, පසුගිය වසර තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම පෙර වසරට සාපේක්ෂව 14,521 ක්. 2012 වසරේදී ඩෙංගු රෝගීන් 44,456 ක් වාර්තා වුණා. 2011 වසරේදී 28,473 දෙනෙකු ද, 2010 වසරේදී 34,105 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ වසර 5 ක කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2014 වසරේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories