සෝමාලි මුහුදු කොල්ලකරුවන් තායි ප්‍රාණ ඇපකරුවන් මුදා හරී

Saturday, 28 February 2015 - 12:30

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB+%E0%B6%87%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%93
වසර 5 ක් තිස්සේ සෝමාලි මුහුදු කොල්ලකරුවන් රඳවාගෙන සිටි තායිලන්ත ජාතික ධීවරයන් 4 දෙනෙකු ඊයේ නිදහස් කර තිබෙනවා. සෝමාලි රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මුහුද මැදදී මෙම පිරිස තමන් වෙත භාරදුන් බවයි. තායිලන්ත ධජය සහිත ධීවර යාත්‍රාවක් 2010 වසරේ අප්‍රේල් මාසයේ සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූයේ කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු සමගයි. එයින් 6 දෙනෙකු විවිධ රෝග තත්ත්වයන්ට ගොදුරුවීමෙන් මියගිය අතර යාත්‍රාවේ සිටි මියන්මාර ජාතිකයන් 14 දෙනෙකු 2011 වසරේ මැයි මාසයේදී නිදහස් කරනු ලැබුවා. දැන් නිදහස් කර ඇති තායි ධීවරයන් හතරදෙනා සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් දීර්ඝතම කාලයක් රඳවාගෙන සිටි පිරිස ලෙස සැළකෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories