එම්.එච්. 370 සෝදිසි මෙහෙයුම් නතර කිරීමට සැරසේ

Monday, 02 March 2015 - 16:15

%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.+370+%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ මීට වසරකට පෙර දකුණු චීන මුහුදේ අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීමේ කටයුතු නතර කිරීම පිළිබඳව  ඕස්ට්‍රේලියාවේ අවදානය යොමුව තිබෙනවා. ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් ගන්නා අතරතුර අතුරුදන් වූ එම්.එච්. 370 යානයේ සෝදිසි මෙහෙයුම්වලින් මෙතෙක් සාර්ථක ප්‍රතිඵල අත්වූයේ නැහැ.

ඕස්ට්‍රේලියාවට බටහිර දෙසින් ඉන්දීය සාගරයේ වර්ග කිලෝමීටර් 60,000ක පරීක්ෂණ මෙහෙයුම් මැයි මාසයේදී අවසන් වීමට නියමිතයි. එම සෝදිසි මෙහෙයුම් අවසන් කිරීම පිළිබදව  ඕස්ට්‍රේලියාව, චීනය සහ මලයාසියාව සමඟ දැනටමත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories