රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, යුක්රේනයේ ගරිල්ලා සංවිධානයකට අවි සැපයූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සෙවීමට ජාත්‍යන්තර මට්ටමේ කමිටුවක් පත් කරන බව වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරගේ චීන සංචාරයෙන් පසු මෙම පරීක්ෂණ කමිටුව පත් කරන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකුද වන උදයංග වීරතුංග යුක්රේනයේ ගරිල්ලා සංවිධානයකට අවි සපයා ඇති බවට යුක්රේන විදේශ කටයුතු අමාත්‍යාංශය, මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම්දීමක් කර තිබුණා. ඒ අනුව මෙම පරීක්ෂණය සිදුකරන බවයි වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ.

Follow US

Most Viewed Stories