සාමාන්‍ය පෙළ දිනු හපන්නු මෙන්න

Monday, 30 March 2015 - 12:04

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
අද නිකුත් කෙරුණු 2014 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ පළමු ස්ථානය හිමිකරගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ තරිඳු නිර්මාල් වික්‍රමසිංහ සිසුවා සමත්වී තිබෙනවා. දෙවන ස්ථානය දිනාගෙන ඇත්තේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ සඳනි නවංජනා ජයවර්ධන ශිෂ්‍යාවයි. කොළඹ විශාකා විදුහලේ අමාෂි නිවර්තනා, ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ නුවනි නෙත්සරණි සහ මහනුවර මහමායා බාලිකා විදුහලේ ගරුනි හංසපානි අබේසිංහ පිළිවෙලින් තුන්වන ස්ථාන හිමිකරගත්තා.

විභාග දෙපාර්තමේන්තුව මීට ටික වේලාවකට පෙර නිකුත් කළ 2014 සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ඨම ප්‍රතිඵල ලබාගත් සිසුන්ගේ නාමලේඛනයට අනුව හතරවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ කොළඹ විශාකා විදුහලේ දෙව්නි රුවන්කා හේමසිංහ ශිෂ්‍යාවයි. පස්වන ස්ථානය කොළඹ දේවි බාලිකා විදුහලේ දිව්‍යාංජලී උත්තරා රාජපක්ෂ ශිෂ්‍යාවට හිමිවී තිබෙනවා. හය වන ස්ථාන 3 ක් පවතින අතර, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ලංසික ලසත් ගුණසේකර, මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර, මොරවක කීර්ති අභයවික්‍රම මධ්‍යමහා විද්‍යාලයේ අංජන රුචිරංග අභයදීප මදරසිංහ ශිෂ්‍යයා පිළිවෙලින් එම ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

විභාගයට බය වෙන්න එපා - තරිඳු නිර්මාල් වික්‍රමසිංහ



මං ඉංජිනියර් කෙනෙක් වෙනවා - සඳනි නවංජනා ජයවර්ධන



මං වෛද්‍යවරියක් වෙනවා - අමාෂි නිවර්තනා










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories