Update : හමුදාවට සපත්තු හැදූ මහරගම කම්හලක් ගිනි ගනී

Friday, 03 April 2015 - 12:05

Update+%3A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මහරගම - නාවින්න ප්‍රදේශයේ පිහිටි සපත්තු කර්මාන්ත ශාලාවක හට ගත් ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් ගණන් බලා නොමැති බව එහි හිමිකරුවන් ප්‍රකාශ කළා. එම කර්මාන්ත ශාලාවේ කළමනාකරුවෙකු වන සෙනත් ජයසූරිය කියා සිටියේ ගින්නෙන් රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමින් යුත් නවීන යන්ත්‍ර 2ක් ද විනාශ වී ඇති බවයි.

අද (03) පෙරවරු 11.30ට පමණ ඇති වූ මෙම ගින්න මැඬ පැවැත්වීමට කෝට්ටේ, දෙහිවල - ගල්කිස්ස සහ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 7ක් යොදාගැනීමට සිදුවුණා. එය සම්පූර්ණයෙන්ම මැඬ පවත්වනු ලැබුවේ පැය කිහිපයකින් අනතුරුවයි. ත්‍රිවිධ හමුදාව වෙනුවෙන්ම මෙහි සපත්තු නිෂ්පාදනය කළ බව කර්මාන්ත ශාලාවේ කළමනාකරුවෙකු වන සෙනත් ජයසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.



Update : Friday, 03 April 2015 - 06:41 PM
...........................................................................................................................................................
නාවින්නේ ගින්න නිවයි

මහරගම - නාවින්න ප්‍රදේශයේ පිහිටි සපත්තු කර්මාන්ත ශාලාවක හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඬ පවත්වා තිබෙනවා. ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කෝට්ටේ, දෙහිවල - ගල්කිස්ස සහ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 7ක් යොදාගෙන මෙම ගින්න මැඬ පැවැත්වූ බවයි. අද (03) පෙරවරු 11.30ට පමණ ඇති වූ මෙම ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැති අතර ගින්නට හේතුව ද අනාවරණ වී නැහැ.

Update : Friday, 03 April 2015 - 12:05 PM
...........................................................................................................................................................

නාවින්නේ ගින්න නිවීමේ කටයුතු තවදුරටත්

මහරගම - නාවින්න ප්‍රදේශයේ පිහිටි සපත්තු කර්මාන්ත ශාලාවක ඇතිවු ගින්න මැඬපැවැත්වීම සඳහා තවදුරටත් කටයුතු කරමින් සිටින බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා කෝට්ටේ සහ දෙහිවල මහනගර සභාවලට අයත් ගිනි නිවීම් රථ 04 ක් පමණ යොදවා ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. අද (03) පෙරවරු 11.30 ට පමණ ඇති වූ මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.















ඡායාරූප - චාමර හේරත්


Update : Friday, 03 April 2015 - 13:26
-----------------------------------
නාවින්නේ දැවැන්ත ගින්නක්

මහරගම නාවින්න ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. දෙහිවල මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය ප්‍රකාශ කළේ නාවින්න ප්‍රදේශයේ සපත්තු කර්මාන්ත ශාලාවක මෙලෙස ගින්නක් හටගෙන ඇති බවයි. ගින්න නිවීම සදහා දෙහිවල මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය එම ස්ථානයට ගොස් ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories