1886 මැයි 1 වැනිදා...
අමෙරිකාවේ චිකාගෝ නුවර බටහිර රැඩොල්ෆ් වීදිය කම්කරුවන්ගෙන් පිරීයනවා.
වැඩමුරය පැය අටකට සීමා කරන්නැයි ඉල්ලා දියත් වූ එම උද්ඝෝෂණයේදී කම්කරුවන් රැසක් ජීවිතක්ෂයට පත්වනවා.
ඒ සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වන්නේ, අමෙරිකානු ඉතිහාසය තුළ ලබාදුන් අසාධාරණතම නඩු තීන්දුව ලෙසයි.
අරගලයට නායකත්වය දුන් ඇල්බර්ට් පාර්ඩින්ස්, ඔගස්ටස් ස්පයිස් හා ඔස්කා ඇතුලු නායකයින්ට එහිදී ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වනවා.
ලොවම වෙලාගත් පළමු කම්කරු විරෝධය, ශ්‍රී ලංකාව සමරන්නේ, 1934 වසරේදී.
ඉන් වසර 22 ක් ගතවන විට එනම් 1956 දී ජාත්‍යන්තර කම්කරු දිනය ශ්‍රී ලංකාවේදී සමරන්නේ රාජ්‍ය අනුග්‍රහය යටතේයි.
පළමු කම්කරු උද්ඝෝෂනය ක්‍රමයෙන් දේශපාලන පක්ෂ සිය ග්‍රහණයට ගනු ලබන්නේ, පවතින දේශපාලන සටන් පාඨ ඉදිරියට ගෙනඑමින්.
අද ලොවම සමරන කම්කරු දිනය වෙනුවෙන් කොළඹදී පමණක් රැළි 17ක් පැවැත්වුනා.
මෙරට සමාජය කම්කරු දිනය සමරන්නේ, සුවිශේෂ දේශපාලන පෙරළියක් ද සමගින් වීම විශේෂත්වයක්.
ඒ, 1978 වසරේදී අප රටට හදුන්වාදෙන විධායක ජනාධිපතිධුරයේ බලතල අවම කරමින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමගින්.
දේශපාලන පක්ෂ නාකයින්, වෘත්තිකයින්, කලාකරුවන් ඇතුලු කම්කරුවන්ගේ මෙවර මැයි රැළියේ සටන් පාඨ මොනවා ද?
මේ ඒ පිළිබද විමසා බැලීමක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කොළඹ හයිඞ්පිටියේදියි. මරදාන, ගාමිණී හෝල් සහ නෙළුම්පොකුණ රඟහල අසළින් ආරම්භ වූ පෙළපාලි දෙකකින් පැමිණි පිරිස් රැළිය පැවැත්වූ හයිඞ් පිටිය වෙත ළඟා වුණා. නිදහස් සන්ධාන මැයි රැළියට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද සහභාගි වූ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට එක්ව සිටියේ නැහැ. කෙසේ වෙතත්, ඔහු මැයි දින පණිවුඩයක් එවා තිබූ අතර, එය ඉදිරිපත් කළේ නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත විසින්.
මෙහිදී යෝජනා 4ක් සම්මත වූ අතර, භූ කම්පනයෙන් විපතට පත් නේපාල ජනතාවට ශෝකය පළ කිරීමේ යෝජනාවක් ද ඊට ඇතුළත්. එසේම 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කිරීමේ යෝජනාවක් ද මීට ඇතුළත් වුණා. එය ඉදිරිපත් කළේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විසින්.
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_1.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_10.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_11.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_12.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_13.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_14.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_15.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_16.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_2.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_3.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_4.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_5.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_6.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_7.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_9.jpg)
එක්සත් මිනිසුන්ගෙන් පිරුණු රටක් යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන ප්‍රධාන මැයි රැළිය දැන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වුනා. එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙළපාලිය අද පස්වරු 1.30ට ආරම්භ වුණේ මරදාන පී.ඞී. සිරිසේන ක්‍රීඩාංගණය අසළින්. අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම රැළියේදී යෝජනා 6ක් සම්මත වුණා.
දෙහිවල - එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගනය අසළින් මැයි පෙළපාලිය ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ තිඹිරිගස්යාය - බී ආර් සී ක්‍රීඩාංගනයේදී සිය මැයි දින රැළිය පැවැත්වුවා.
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_17.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_18.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_22.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_23.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_24.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_25.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_26.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_27.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_28.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_29.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_30.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_31.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_32.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_33.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_34.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_35.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_36.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_37.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_38.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_39.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_40.jpg)
![](https://www.hirunews.lk/Data/news_uploads/201505/108619_41.jpg)
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය දැන් පැවැත්වෙන්නේ රාජගිරිය - බණ්ඩාරනායක ක්‍රීඩාංගනයේදීයි.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මැයි පෙළපාලිය කොළඹ වෝඞ් පෙදෙසින් ආරම්භ වූ අතර ඔවුන්ගේ මැයි රැළිය පැවැත්වෙන්නේ නාරාහේන්පිට - ශාලිකා ක්‍රීඩාංගනයේදීයි.
නව සම සමාජ පක්ෂය ගුණසිංහපුරයෙන් මැයි පෙළපාලිය ආරම්භ කර පිටකොටුව ප්‍රයිස් පිටියේදී සිය මැයි රැළිය පවත්වනවා. එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්තෙන් ආරම්භ වුණු අතර ඔවුන්ගේ මැයි රැළිය ග්රෑන්ඞ්පාස් - කොස්ගස් හන්දියේදී දැන් පැවැත්වෙනවා. ජාතික හා ප්‍රාදේශීය මාධ්‍යවේදී එකතුවේ මැයි රැළිය දැන් පැවැත්වෙන්නේ කොළඹ - 07 විජේරාම පාරේ - සව්සිරිපායේ දීයි.
මේ අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ මැයිදින රැළිය එහි මහලේකම් හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් තලවකැලේ නගරයේ දී ද, දෙමළ ජාතික සන්ධානයේ මැයි රැළිය ත්‍රිකුණාමලයේදී ද පැවැත්වුණා.
අද දිනයේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2800 ක් යොදවා ඇති අතර රථවාහන හැසිරවීම සඳහා 2250 දෙනෙකු යෙදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.
Update : Friday, 01 May 2015 - 14:42
------------------------------------------------
ලෝක කම්කරු දිනය උත්කර්ෂවත් ලෙස සැමරෙයි - කොළඹ රැළි 17යි
ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධානද අදට (01) යෙදෙන මැයි දිනය උත්කර්ෂවත් ලෙස සැමරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර අවසන්. ප්‍රධාන මැයි රැළි සියල්ල කොළඹ හා තදාසන්න ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන අතර, ප්‍රධාන මැයි රැළි සංඛ්‍යාව 17 ක්. මීට අමතරව විවිධ ප්රදේශවලද මැයි දිනය තේමා කරගනිමින් රැළි සංවිධාන කර තිබෙනවා.
එක්සත් මිනිසුන්ගෙන් පිරුණු රටක් තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන ප්‍රධාන මැයි රැළිය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මැයි රැළිය පැවැත්වෙන්නේ කොළඹ හයිඞ් පිටියේදීයි. වැඩබිමට ජවයක් සිරිලකට සවියක් යන්න තේමා කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනවා.
වැඩ කරන ජනතාවගේ ගැටළු විසඳන තේමා 05 ක් මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැයි දිනය සමරනවා. එය පැවැත්වෙන්නේ කොළඹ බී.ආර්.සී. පිටියේදීයි.
වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි රැළිය මැයෙන් වාමාංශික දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති මෙවර කිරුළපන පිටියේදී මැයි දිනය පැවැත්වීමට සූදානම්. මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, දේශ විමුක්ති පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒකාබද්ධවයි මෙවර මෙම මැයි රැළිය පවත්වනු ලබන්නේ.
එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්තෙන් ආරම්භ වී ග්රෑන්ඞ්පාස් - කොස්ගස් හන්දියේදී රැළියකින් අවසන් වනවා.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මැයි රැළිය වෝඞ් පෙදෙසින් ආරම්භ වන අතර, රැළිය පැවැත්වෙන්නේ නාරාහේන්පිට - ශාලිකා ක්‍රීඩාංගනයේදීයි. නව සම සමාජ පක්ෂය ගුණසිංහපුරයෙන් පෙළපාලිය ආරම්භ කොට පිටකොටුව ප්‍රයිස් පිටියේදී සිය මැයි රැළිය පවත්වනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය රාජගිරිය - බණ්ඩාරනායක ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
ජාතික හා ප්‍රාදේශීය මාධ්‍යවේදී එකතුවේ මැයි රැළිය කොළඹ - 07 විජේරාම පාරේ - සව්සිරිපායේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ මැයිදින රැළිය තලවකැලේ නගරයේ ද, දෙමළ ජාතික සන්ධානයේ මැයි රැළිය ත්‍රිකුණාමලයේදී ද පැවැත්වෙනවා.
මැයි දිනයේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් භටයන් 2800 ක් යොදවා ඇති අතර රථවාහන හැසිරවීම සඳහා යොදවා ඇති පොලිස් භටයන්ගේ සංඛ්‍යාව 2250 ක්.
ජාත්‍යන්තර කම්කරු දිනය අළලා හිරු ප්රවෘත්ති තුළින් ඊයේ (30) විකාශය කළ විශේෂාංගය පහතින් නරඹන්න

Follow US
![facebook](https://www.hirunews.lk/images/socialmedia/FB1.png)
![youtube](https://www.hirunews.lk//images/socialmedia/YT1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/TikTok1.png)
![32ins](https://www.hirunews.lk//images/socialmedia/IG1.png)
![twitter](https://www.hirunews.lk/images/socialmedia/Tw1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/Whatsaap1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/Teleeeesnew.png)
Most Viewed Stories