General16 May 2015

රුසියානු ජාතිකයෙකු හික්කඩුව මුහුදු තීරයේ ගිලී මිය යයි

හික්කඩුව - තිරානගම මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතිකයෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා. පෙරේදා පස්වරුවේ 4.45ට පමණ මොහු දියේ ගිලී අතුරුදන්වීමත් සමඟ හික්කඩුව පොලීසිය නව නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් සිරුර සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළා. ඒ අනුව ඊයේ දහවල් රුසියානු ජාතිකයාගේ මළ සිරුර සොයා ගනු ලැබූ අතර, එය මේ වන විට කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මිය ගිය 40 හැවිරිදි රුසියානු ජාතිකයාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණය අද පැවැත්වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes