රත්මලාන - මාළිගාව පාරේ පිහිටි ට්‍රයිස්ටාර් ඇපරල් ඇඟළුම් නිෂ්පාදන ආයතනයේ ඊයේ (08) රාත්‍රියේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. ගල්කිස්ස පොලීසියට ලැබුණු හදිසි ඇමතුමක් මත සිදුකළ දැනුම්දීමකට අනුව දෙහිවල, මොරටුව සහ කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න මැඩපවත්වනු ලැබුවා. ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ සහය ලැබුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ගින්නට හේතුව අනාවරණ වී නොමැති අතර, එයින් ජීවිත හානි කිසිවක් සිදුව නැහැ.
අපනයනය සඳහා සූදානම් කර තිබූ ඇඟළුම් තොගයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. නිමි ඇඳුම් තොගය ගබඩා කර තිබූ කොටස මුළුමනින්ම විනාශ වී ඇති බවයි දෙහිවල ගිනි නිවන හමුදා ඒකකයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කෙසේ නමුත් ගින්න පැතිරයාම වැළැක්වීමට හැකිව තිබෙනවා.

Follow US

Most Viewed Stories