Update: මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරණ වැඩවලට මම සම්බන්ධ නැහැ. - සුසිල්

Wednesday, 30 September 2015 - 10:59

Update%3A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
පසුගිය වසරේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ගිණුමේ තිබුණේ රුපියල් දස දහසකට අඩු මුදලක් බව එම සන්ධානයේ හිටපු ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ  අද පෙරවරුවේ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙම කොමිසම වෙත කැඳවා තිබුණේ  පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදල නොගෙවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි. මීට අදාළව, ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන එහි වර්තමාන කළමනාකරන නිලධාරීන්, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දරගෙන්ද මේ පිළිබඳව ප්‍රශ්න කෙරුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ද පසුගියදා මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගත් අතර එය සිදුවුණේ ඔහුගේ මිරිහානේ පිහිටි නිවසේදීයි. එම ප්‍රකාශය ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තම මැතිවරණ දැන්වීම් සඳහා මුදල් ගෙවීම්  සිදුකළේ නිදහස් සන්ධානය විසින් බවයි.

කෙසේ වෙතත් අද දිනයේදී බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා සිදුකළ මෙම ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් නිදහස් සන්ධානයේ හිටපු ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ දැන්වීම් විකාශය කිරීමේ කටයුතු භාරව තිබුණේ ජනාධිපතිවරණ සමයේ පත්කර තිබූ මාධ්‍ය සහ ප්‍රචාරක කමිටුව වෙත බවයි. එම කටයුතුවලට තමන් මැදිහත් නොවූ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.



Update: Wednesday, 30 September 2015 - 19:04
---------------------------------------------------------

අමාත්‍ය සුසිල් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම වෙත පැමිණියා. පෙරවරු 10ට පමණ ඔහු එහි කැඳවා තිබුණේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදල නොගෙවීම සම්බන්ධයෙන් කරුණු විමසීමටයි. මීට අදාළව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ද පසුගියදා ප්‍රකාශයක් ලබා ගත් අතර එය සිදුවුණේ ඔහුගේ මිරිහානේ පිහිටි නිවසේදීයි. ඊට පෙර ස්වාධීන රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති අනුර සිරිවර්ධන, එහි වර්තමාන කළමනාකරණ නිලධාරින්, හිටපු අමාත්‍ය ඩලස් අහලප්පෙරුම, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී.ජයසුන්දර යන අයගෙන් ද මේ පිළිබඳ ප්‍රශ්න කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories