මගීන් 332ක් රැගත් යානයක් ‍හදිසියේ දෙදරයි ගමන් - මග වෙනස් වෙයි

Thursday, 31 December 2015 - 16:12

%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+332%E0%B6%9A%E0%B7%8A++%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A++%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E2%80%8D%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A++%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මගීන් 332 දෙනකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු රැගත් චීනයේ සිට කැනඩාවේ ටොරන්ටෝ දක්වා පියසර කරමින් තිබූ  එයාර් කැනඩා මගී ගුවන් යානයක හදිසි  දෙදරීමක් හට ගනියි.

ඒ හේතුවෙන්  ගමන් මග වෙනස් කරමින් හදිසියේ  කැනඩාවේ කැල්ගරි  (McCall Field)  ගුවන්තොටුපොළට ගොඩ බස්සවා ඇත. යානයේ හදිසි ගොඩබෑමට ගිලන්රථ 15ක් ද ගෙන්වා තිබිණි.  

දෙදරීම හේතුවෙන් ළමුන් තිදෙනෙකු ඇතුළු 21 දෙනෙකු අබාධයන්ට ලක්ව ඇත. යානයේ මගීන් 332 දෙනකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු සිටි බව ගුවන් සමාගම  පවසයි.

බෝයිං 777 වර්ගයේ අංක 88 දරන යානය  දෙ‍දරීම හේතුවෙන් මගීන් 8 දෙනෙකුට ගෙල සහ පිටකොන්ද ආශ්‍රිතව ආබාධ හටගෙන තිබේ.

දෙදරීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.  








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories